නැළවිලි ගී

අතීත ගැමි කාන්තාවන්ගේ ජිවිතය කාර්ය බහුල එකක් විය ගෙදර දොරේ ඉවුමපිහුමකටයුතු අවසානයේදි හේනේ දී න=ඹුරේදී ස්වාමියාගේ වැඩට සහාය වීමටද ඇයට සිදුවිය ර් අතරතුර ඇය දරුවන් රැක බලා ගැනීම කළේ අපරිමිත දරු සෙනෙහසකිනි දරුවන් නැළවීමෙzදී ඇගේ මුවින් ඇද හැලුන ආදරණිය වදන් කවි බවට පත් වූයේ නිතැතිනි වචනවල  අරථ නොතේරුණත් නාද රටාවේ ඇති මිහිරියාවට දරුවා නැළවේ ඇතැම් අවස්ථාවක මව වෙනත් කටයුත්තක නියැලෙන විට දරුවා බලා ගන්නේ නිවසේ ඥාතිවරිය විසිනි
        මෙම සරු නැළවිලි ගී ජන සාහිත්‍යට එකතුවු සාදාතනික වටිනාකමකින් යුත් සාහිත්‍ය අංගයකි බොහෝ විට ඒවායින් ප්‍රකාශ වූයේ ඔවුන්ගේ ජීවන ප්‍රවෘත්තින් හා ඔවුන් ජීවත් වු පරිසරය සමzබන්ධ දේවල්ය අද මෙවැනි නැළවිලි ගී වලින් දරුවන් නලවන මවුවරුන් දක්නට ලැඛෙන්නේ ඈත එපිට ගමzබද ප්‍රදේශවල පමණකි

වැනේලු කලු                   වැනේලු
ගොඩ හුළග                 වැනෙලු
කලුවට බඩ                      ගිනිලු
කලු අල කොළ                  ලිපේලු

දෑතේ වළලුත්                  නැතිකෝ
දෙපයේ ගිගිරිත්                නැතිකෝ
අමමා දැන් එය                හනිකෝ
නාඩන් සුරතල්                 මැණිකේ

ඔන්න බබෝ                   ඇතින්නියා
තල් අර‍‍ෙඕ                   සිටින්නියා
ගලින් ගලට                    පනින්නියා
බබුට බයේ                     දුවන්නියා


අතට වෙරථ ඇහිද            ගෙනේ
ඉණට පලා නෙලා              ගෙනේ
බරටම දර කඩා                ගෙනේ
එයි අමමා  විගස              කිනේ
Onna Babo


Doi Doi Doi